Latest Movie :

How to Download Torrents

  • ටොරන්ට් කියන්නෙ මොකද්ද?

ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි “ප්‍රවාහය” කියන එක. ඇත්තටම ටොරන්ට් කියන්නෙ බොහොම සාර්ථක නිර්මාණයක්. ඒ ඇයි කියල ඔයාලට මේ ලිපිය අවසානයේදි තේරුම් යයි.

අපි මුලින්ම බලමු ටොරන්ට් වලින් චිත්‍රපටයක් බාගත කරගන්නා ආකාරය..

1.. මුලින්ම ඔබට ටොරන් එකක් බාගන්න ටොරන්ට් අනුග්‍රාහක (clients) මෘදුකාංගයක් ඕන වෙනව. මේ සදහා මෘදුකාංග විශාල ප්‍රමාණයක් තියෙනව, නමුත් හොදම ඒව තමයි මේ.
utorrent
1..මේ මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාදෙන අතර බොහොම පොඩි ඒවා. මේවයින් කැමති එකක් බාගන්න. අපි නිර්දේශ කරන්නෙ නම් uTorrent හා BitTorrent විතරයි.



:D
2.. බාගත් මෘදුකාංගය ඔබේ පරිගනකයට ස්ථාපනය කරගන්න.
3..දැන් ඔබට ඕන කරන චිත්‍රපටය තෝරාගන්න.
4..චිත්‍රපටය බාගන්න ලින්ක් එකක් දීල ඇති හැම ලිපියකම..ඒ ලින්ක් එකට යන්න.
5..එම ලින්ක් එකෙන් “ටොරන්ට් ෆයිල් එක” බාගන්න ඔබට ලේසියෙන් පරිශීලනය කරන්න පුලුවන් තැනකට.
6..දැන් එම බාගත් ගොනුව Right click කර Open with ගිහින් තෝරාගන්න ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය.
7..දැන් එම මෘදුකාංගය ඔබෙන් උපදෙස් ඉල්ලාවි කොහෙටද මේ චිත්‍රපටය සේව් කරන්න ඕන කියල.
දැන් ඔබේ අන්තර්ජාල සබදතාවයේ වේගය අනුව චිත්‍රපටය බාගතවෙයි. :)

ටොරන්ට් වල තාක්ශණික පැත්ත..

  • ටොරන්ට් ෆයිල් එකක් යනු!
ටොරන්ට් ෆයිල් එකක් යනු කුඩා තොරතුරු ප්‍රමාණයක් අඩංගු ගොනුවක්. මෙහි අඩංගු වෙන්නෙ බාගත කළ යුතු ගොනුවේ නම, එහි විශාලත්වය, බාගත කල යුත්තේ කොහෙන්ද වගේ තොරතුරු ටිකක්.
  • ටොරන්ට් Client එකක් යනු!
ටොරන්ට්  Client එකක් කියන්නෙ මේ බාගත කිරීමේ ක්‍රියාව කළමණාකරනය කරගැනීමට සැදු මෘදුකාංගයක්. මේව නොමිලේ ලබාදෙන අතර බොහොම සැහැල්ලු මෘදුකාංග කියල කියන්න පුලුවන්.
  • ටොරන්ට් Tracker එකක් යනු!
මේ සේවාවක් .මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි.

ටොරන්ට්වල සීඩ්(Seeds) අඩුනම්…

ටොරන්ට්වලින් බාද්දි එන ප්‍රශ්ණයක්නේ සීඩ් අඩුනම් බෑවෙන වේගේ අඩුවෙන එක. ඉතින් ඒකට පොඩි විසඳුමක් දෙන්නම්. හැබැයි මේක 100% හරි නොයන්න පුලුවන්. :P
♦ uTorrent වලදී අදාල ටොරන්ට් එක ඩබල් ක්ලික් කරලා හෝ රයිට් ක්ලික් කර ප්‍රොපටීස් වින්ඩෝව ගන්න.
♦ එහි “trackers (separate tiers with an empty line)” ලෙස සඳහන් කොටුවෙහි තිබෙනවා අදාල ටොරන්ට් එකේ trackers ලා ලිස්ට් එක.
♦ ඉතින් දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියන trackers ලා කොපි කරගෙන අර කොටුවේ පහලින්ම පේස්ට් කරන එක. (trackersලා අතර එක ලයින් එකක පරතරයක් තියාගන්න අවශ්‍යයි)
♦ දැනට තියන trackers ඩිලීට් කරන්න එපා.
♦ ඊට පස්සේ OK කරන්න.
♦ වඩාත් පැහැදිලි කරගන්න මෙන්න මේ වීඩියෝ එක බලන්න.

ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කර ගන්න.

ඔබට ටොරන්ට් එකක් ටොරන්ට් ක්ලයන්ට් එකක් මාර්ගයෙන් තොරව ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ( eg: IDM, JDownloader) කරගන්න පහත වෙබ් අඩවි බාවිතා කල හැකියි. එම අඩවිවල උපදෙස් අනුව ක්‍රියා කරන්න.

Post a Comment

 x265 Movies =Latest Tips For BloggersBlogger Tricks
 
Support : Creating Website | DCMA Notification | Term Of Service
Copyright © 2014. moviex265 - All Rights Reserved
Template Created by Dhanuka Kaushalya Published by moviezonex265
Proudly powered by Blogger