Latest Movie :

සබ්ටයිටල් හදන විදිහ...

සබ්ටයිටල් හදන විදිහ...

කවුරුන් හෝ කැමැත්තෙන් සිටිනවනම් සිංහල උපසිරැසිකරණයට එක්වෙන්න අපත් සමඟ, මෙන්න මේකයි ක්‍රමය.
 
මුලින්ම සබ් දාන්න කැමති ෆිල්ම් එක තෝරා ගන්නවා. එතකොට විශේෂයෙන් සලකා බැලිය යුතු කාරණා කීපයක් තියනවා.

  • ඔබ තෝරාගත් ෆිල්ම් එකට සිංහල උපසිරැසි අප මේ වනවිටත් ලබාදී ඇද්ද යන වග දකුණු පස ඇති සර්ච් බොක්ස් එකෙන් සොයා බලන්න.
  • ඒ වගේම ඔබ උපසිරැසි සකස් කරන්න බලාපොරොත්තුවන ෆිල්ම් එක මේ වනවිටත් වෙනත් කෙනෙක් බාරගෙනද යන වග අපෙන් විමසා දැනගන්න.
  • හොඳට සීඩ් තියන ටොරන්ට් එකක් තියෙන්න ඕනා.
  • එම ෆිල්ම් කොපියේ කොලිටි එක ඩීවීඩී රිප්  (DVDRip), බ්ලූරේ රිප් (BRRip) හෝ වෙබ් රිප් (WebRip) වෙන්න ඕනා.
  • ඊටම ගැලපෙන ඉංග්‍රිසි සබ් ෆයිල් එකක් තියෙන්න ඕනා.
ඔන්න ඔය කාරණා හරිනම් අපිට වැඩේ පටන් ගන්න පුළුවන්.

දැන් මුලින්ම කරන්න තියෙන්නේ අර අපි හොයා ගත්ත ඉංග්‍රිසි සබ් ෆයිල් එක නෝට්පෑඩ් මත ඕපන් කරගන්නවා. එතකොට මෙන්න මේ වගේ ලයින් තියේවී…

1
00:03:20,667 –> 00:03:24,865
The prestige? And did Robert
Angier, the Great Danton, your employer,
2
00:03:24,938 –> 00:03:27,372
get to that final part
of his trick that night?
3
00:03:27,440 –> 00:03:29,533
– No, sir. Something went wrong.
– What went wrong?
දැන් කරන්න තියෙන්නේ ඒ ඕපන් කරගත්ත ෆයිල් එක save as කරගන්න එක. එතනදී save as type කියන එකට යටින් තියන Encoding කියන එකට UTF 8 යන්න දෙන්න…ෆිල්ම් එකේ සඳහන් නමම දීලා save as කරගන්න…

දැන් තියෙන්නේ අර එක් එක් ලයින් වල තියන ඩයලොග්ස්  සිංහලට පරිවර්ථනය කරලා එතනින්ම දාන එකයි….මතක තියා ගන්න අර වෙලාව සඳහන් ඉලක්කම් වෙනස් කරන්න එපා…

සිංහල ටයිප් කරන්න පාවිච්චි කරන ක්‍රම අනුව මේක වෙනස් වෙනවා… ඒකිව්වේ,
ඔයා සිංහල ටයිප් කරන්නේ විජේසේකර යතුරු පුවරුව භාවිතයෙන් නම් මෙතන ලේසියෙන්ම ටයිප් කරන පුලුවන්නේ. එහෙම නැතිව ඔයා පාවිච්චි කරන්නේ සිංග්ලිස් කන්වර්ටරයක් නම් අදාල ඉංග්‍රිසි දෙබසේ සිංහල පරිවර්තනය එතන ටයිප් කරලා නෝට්පෑඩ් එකේ අදාල දෙබස තියන තැනට පේස්ට් කරන්න ඕනා. ඊටත් අමතරව සිංහල ටයිප් කිරීමට මෙවැනි මෘදුකාංග බාවිතා කල හැකියි. Realtime Singlish, Google Input Tools, පැන්සල.

එච්චරයි…  මතක ඇතුව සේව් කරන්න  
:D
ඔබ කැමති නම් Subtitle Edit කියන මෘදුකාංගයද බාවිතා කල හැකියි උපසිරැසි නිර්මාණය සඳහා.
සිංහල යුනිකෝඩ් තමා භාවිතා වෙන්නේ. ඒ කියන්නේ මේ ඔයාට පේන සිංහල අකුරු තමයි… :)
සම්පූර්ණ ෆිල්ම් එකේම දෙබස් (ලයින්ස්) සිංහලට පරිවර්ථනය කලාට පස්සේ ඒ නෝට්පෑඩ් ෆයිල් එක අපිට එවන්න… 

ඉතිරි වැඩකටයුතු අපේ ටීම් එක බලාගනීවී…


movie265@gmail.com

Post a Comment

 x265 Movies =Latest Tips For BloggersBlogger Tricks
 
Support : Creating Website | DCMA Notification | Term Of Service
Copyright © 2014. moviex265 - All Rights Reserved
Template Created by Dhanuka Kaushalya Published by moviezonex265
Proudly powered by Blogger