Latest Movie :

සිංහල සබ් එකක් හදමුද?

සිංහල සබ් එකක් හදමුද?

Movie265 අඩවියට නිතර ඇවිල්ලා යන ඔබටත් දැන් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. ඔබට ඉංග්‍රිසි භාෂා දැනුමක් තියනවනම්, ඔබ බලපු, ඔබේ සිත් ඇද ගත්ත, ලස්සණ ෆිල්ම් එකක් තියනවනම්, ඒක හැමෝමත් එක්ක සිංහල උපසිරැසි සමඟ බෙදාහදා ගන්න කැමතිද? එහෙමනම් කරන්න තියෙන්නේ ඔබ රසවිඳපු ඒ ෆිල්ම් එකේ ඉංග්‍රිසි උපසිරැසිය සිංහලට පරිවර්ථනය කර ඒ උපසිරැසි ගොණුව සමඟ, දැනට වෙබ් අඩවියේ පළවී ඇති ආකාරයේ ලිපියක් ලියලා පහළ තියන ඊමේල් ලිපිනයට එවන්නයි.

ලිපියක් ලියන්න, උපසිරැසි පරිවර්ථන කරන්න කලින් සලකා බැලියයුතු කරුණු කීපයක් නම් තියනවා.. ඒවා තමයි.
  • අදාල ෆිල්ම් එකට හොඳට සීඩ් තියන ටොරන්ට් එකක් තියෙනවද බලන්න.
  • දැනට අඩවියේ ඒ ෆිල්ම් එක ගැන ලිපියක් හෝ සිංහල උපසිරැසියක් පළවෙලා නැති බවට Search box එකෙන් හොයලා සහතික කර ගන්න.
  • ඔබ උපසිරැසි යොදන්න බලාපොරොතුවෙන චිත්‍රපටය වෙනත් කෙනෙක් බාරගෙනද යන වග පළමුව අපෙන් විමසා දැනගන්න.
  • චිත්‍රපට සඳහා ඔබ උපසිරැසි කරන්න ගන්න විට නිතරම තෝරාගන්න සැලකිලිමත් වෙන්න විනාඩී 20 ට වඩා ධාවන කාලයක් ඇති චිත්‍රපට සහ උපසිරැසි ලයින් 200 ට වඩා ඇති චිත්‍රපට පමණක්.
  • තනි තනි වශයෙන් කෙටි චිත්‍රපට ලබාදෙන එක අප සීමා කර ඇත. ඒ නිසා ඔබ අපට කෙටි චිත්‍රපට වලට උපසිරැසි නිර්මාණය කර එවන්නේ නම් එවන් චිත්‍රපට දෙකක් හෝ තුනක් එකවර එවන්න. එවිට ඒ සියල්ල එක් පෝස්ට් එකක් ලෙස අප පළකරන්න සූදානම්. එවිට අපගේ ගණනයන්වලදී එය එක උපසිරැසියක් ලෙස ගණනය වේ.


මේල් එක එවන විටදී අපේ පහසුව සඳහා මේ කරුනුත් සලකා බලන්න.
  • Subject විදියට අදාල ෆිල්ම් එකේ නම දාන්න. (උපසිරැසි දමන්නට බාර ගැනීමට එවන මේල් වලදීද මේ විදියට කරන්න)
  • සිංහල මාතෘකාවකුත් එවන්න.
  • ලිපිය මේල් බොඩියෙම දමන්න. (word, Notepad, etc.. ආදියේ නැතිව)
  • ඔබේ නම පළවියයුතු ආකාරය දන්වන්න.
  • ඔබේ පිංතූරයක් එවන්න.
  • ටොරන්ට් එක තියන වෙබ් පිටුවේ ලිපිනය පමණක් එවන්න. ටොරන්ට් එක අමුණා එවන්න එපා.
  • සබ් ෆයිල් එක මේල් එකට අමුණා එවන්න.
මේ අඩවිය ගැන තවත් විස්තර කියනව නම්, මේක සේවයක් විදියට කරන දෙයක් මිසක් මුදල් ඉපයීමට කරන දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට වගේම ඔයාලටත් මේ අඩවියට සම්බන්ධ උනා කියල මූල්‍යමය වාසියක් ලැබෙන්නෙ නෑ. නමුත් හිතට දැනෙන සතුට නම් බොහොමයි. මේ වැඩේට කැමති කට්ටිය පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් අපිව සම්බන්ධ කරගන්න.
moviex265@gmail.com

(මේ සම්බන්ධයෙන් ඕන අදහසක්, ගැටළුවක් මේකට එවන්න!) 

Post a Comment

 x265 Movies =Latest Tips For BloggersBlogger Tricks
 
Support : Creating Website | DCMA Notification | Term Of Service
Copyright © 2014. moviex265 - All Rights Reserved
Template Created by Dhanuka Kaushalya Published by moviezonex265
Proudly powered by Blogger